2022 ලෝක සාගර දිනය සැමරීම සඳහා කොකා-කෝලා සමාගමේ නවතම ‘Adopt A Beach’ පිරිසිදු කිරීමේ වැඩසටහන මීගමුව දක්වා ව්‍යාප්ත කරයි.

ජුනි 09 2022 -කොළඹ: කොකා-කෝලා විසින් 2021 ඔක්තෝම්බර් මාසයේදී කාක දුපත වෙරළ තීරයේදී දියත් කරන ලද "Adopt a Beach" නවතම වැඩසටහන ව්‍යාප්ත කරමින් 2022 ලෝක සාගර දිනය සමරයි. දීර්ඝ කාලයක් වෙරළ තීරයක් රැක බලා ගනිමින් එය 2022 වසර අවසන් වන තෙක් දිනපතා පිරිසිදු කිරීම යන අදහසින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයතනික තිරසාර මුලපිරීම මෙය විය.

මීගමුව වෙරළ තීරයේ දූෂිත වෙරළ තීර පහක් සහ කලපු මායිම් තුනක් (කම්මල්තොට, පළඟතුරය, කුඩාපාඩුව, වැල්ලවිදිය, කුට්ටිදූව, මුන්නකරය, මහවිදිය, කඩොල්කැලේ) ආවරණය වන පරිදි මෙම සුවිශේෂී වැඩසටහන ව්‍යාප්ත වන අතර මේ වෙරළ තීර සහ කලපු මායිම් දිනපතා සහ ඇතැම් ඒවා සති දෙකකට වරක් පිරිසිදු කරනු ලැබේ . වැඩසටහනේ මෙම නවතම අදියර අනුව කොකා-කෝලා සමාගම ශ්‍රී ලංකාවේ ලාභ අරමුණු කර නොගත් ආයතනයක් වන Clean Ocean Force (COF) සමඟ ඇති කොට ගත් සහයෝගීතාව ඔස්සේ දෛනිකව වෙරළ තීරයේ ප්ලාස්ටික්, කෘතිම දූෂිත ද්‍රව්‍ය සහ සුන්බුන් ආදිය එම ආයතනයේ සුවිශේෂී පුද්ගලික/පොදු මෙහෙයුම් යාන්ත්‍රණය යොදාගනිමින් ඉවත් කිරීමට කටයුතු කරයි

මෙවර එක්සත් ජාතීන්ගේ ලෝක සාගර දින තේමාව වන ‘පුනර්ජීවනය': සාගරය සඳහා වන සාමූහික ක්‍රියාමාර්ග' අනුව යමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන පසුගියදා මීගමුව වැල්ලවිදිය වෙරළ තීරයේ දී නිල වශයෙන් ආරම්භ විය. මීගමුවේ COF ප්‍රජා ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසකගේ සහ කොකාකෝලා සමාගමේ කණ්ඩායම්, ශ්‍රී විමුක්ති කාන්තා හා තරුණ සංගමය, පළාත් පාලන හා පරිසර අමාත්‍යාංශය, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, මීගමුව මහනගර සභාව, MEPA සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර අංශයද මෙම උත්සවයට එක්විය.

මීගමුව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේ ආරම්භය, කොකා-කෝලා සමාගමේ තිරසාර ඇසුරුම්කරණයට මුල් වූ "අපද්‍රව්‍යවලින් තොර ලෝකයක්" සඳහා එම සමාගමේ කැපවීම ඉස්මතු කරයි. 2030 වන විට අලෙවි කරන සෑම බෝතලයකටම හෝ කෑන් එකකටම බෝතලයක් හෝ කෑන් එකක් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන දේශීයව 'ජීවය යළිත් දෙන්න' ලෙස ආරම්භ කර ඇති අතර එමගින් අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රතිචක්‍රීකරණය කරන්නන්, පළාත් පාලන ආයතන, සිවිල් සමාජය, තරුණ කණ්ඩායම් සහ පෞද්ගලික අංශය වැනි බහුවිධ පාර්ශවකරුවන් හා සම්බන්ධ වී රට පුරා PET ප්ලාස්ටික් බෝතල් කාර්යක්ෂම එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට පද්ධතියක් නිර්මාණ කිරීමට කටයුතු කෙරේ.

මීගමුවේ දි සිය සහය දැක්වූ තිශාන්ති ප්‍රනාන්දු සහ අශාන්ති ශිරෝමි පැවසුවේ තමන් වසර 1 හමාරක කාලයක් තිස්සේ මෙම කටයුත්තේ නිරත වූ බවයි. ඔවුහු වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූහ. "දැනුම්දීමේ වැඩසටහන් තුළින් මෙය වෙරළ පිරිසිදු කිරීමට එහා ගිය දෙයක් බව බොහෝ දෙනෙකුට වැටහුණා. අද, අපගේ ජීවනෝපායට මෙමගින් ධනාත්මක බලපෑමක් ඇති වී ඇති අතර අප අවට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රතිනිෂ්පාදනය කිරීම පිළිබඳව අපි වඩාත් දැනුවත්. කොකා-කෝලා සහ Clean Ocean Force සංවිධානය මෙම වැඩසටහනට දායකත්වය දෙමින් අමතර සහාය ලබා දීම නිසා, අපි සමාජයේ ජීවිකාවක් කිරීමට හැකි හැකි කාන්තාවන්‍ බවට පත්ව වෙලා ඉන්නවා."

ශ‍්‍රී ලංකා හා මාලදිවයින යන රටවල කොකා-කෝලා කළමනාකාර අධ්‍යක්ෂක පන්කජ් සින්හා මහතා ප්‍රකාශ කළේ, "2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ කොකා-කෝලා සමාගම විසින් දිවයින පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් 70කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති අතර වගකීම් සහගත ලෙස කසල බැහැර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කර ඇත." යනුවෙනි. කාක දූපත වෙරළ උද්‍යානයහි සාර්ථක නියමු ව්‍යාපෘතියෙන් පසුව, Clean Ocean Force සමඟ හවුල් වී ‘Adopt A Beach’ වැඩසටහන දීර්ඝ කිරීමට ලැබීම අපට ගෞරවයක්. මෙමගින් සම්මත කරන ලද වෙරළ තීරයන්ට වෙනසක් සිදුවනු ඇති බවත්, බොහෝ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව මෙම තිරසාර ප්‍රවේශය ප්‍රජා ගොඩනැගීමේ දී සමාජයට සහ එහි ජනතාවගේ ජීවනෝපායට ධනාත්මක ලෙස බලපානු ඇතැයි අපි විශ්වාස කරමු.

Clean Ocean Force හි සභාපති/නිර්මාතෘ ජෙරොම් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින "පිරිසිදු සාගර බලකායේ, අපගේ විශ්වාසය වෙරළ තීරයන් සහ සාගරය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොරව තබා ගැනීමට දෛනික යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බවයි. එබෙවින් පිරිසිදු සාගර බලකායේ පිරිසිදු කිරීමේ මාදිලිය සෑම උදෑසනකම පැය 3-4 ක් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ප්‍රාදේශීය ප්‍රජාවගේ සහාය ලබා ගැනීම පිලිබදව කෙරෙහි අවධානය යොමු කරයි මේ වන විට අපි කුණු කිලෝ 8,000 කට අධික ප්‍රමාණයක් එකතු කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇති අතර මෙම මුලපිරීම දිගටම කරගෙන යාමට අපට සහාය අවශ්‍ය වූ විට කොකා-කෝලා සමාගම ඉදිරියට පියවර තැබුවේය. කොකා-කෝලා සමඟින් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ මීගමුව ප්‍රදේශයේ තවත් වෙරළ සහ ජල මාර්ග 8 ක් පිරිසිදු කිරීමට ඔවුන්ගේ Adopt A Beach වැඩසටහන විස්තීරණය කිරීම් පිළිබදවත් අපි සතුටට පත්වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් වෙරළ තීරයේ පිරිසිදුකම වැඩි දියුණු කරන අතර සමුද්‍ර දූෂණය අවම කරයි, ඒ අතර මෙය අඩු ආදායම්ලාභී ප්‍රජාවන් 40 කට වැඩි පිරිසකට සෘජු ජීවනෝපාය සහ තවත් 80 කට වැඩි පිරිසකට වක්‍ර ලෙස ජීවනෝපාය සපයනු ඇත.

Clean Ocean Force කණ්ඩායම ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිරිසිදු කිරීම සඳහා සංවිධාන සහ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ප්‍රාදේශීය ප්‍රජාවන් සම්බන්ධ කර ගනිමින් කටයුතු කරයි, ප්ලාස්ටික් ගැටලුව විසඳීම සඳහා ස්වේච්ඡා සේවකයන් සහ බලකායක් යොමු කරයි.